අරක්කු බෝතල් 23 ක් ළඟ තබාගත් කාන්තාවක් එම අරක්කු තොගයද සමඟ අද (20) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලීසිය පවසනවා.
මැදින් පුර පසලොස්වක පොහෝ දින වන අද දිනයේදී අලෙවි කිරීමටයි මෙලෙස අරක්කු තොගය සඟවා තබා තිබුණේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ රිදීමාලියද්ද ඌරණීය ගම්මානයේ පදිංචි වයස අවුරුදු 54ක කාන්තාවක්.
පෞද්ගලික ඔත්තුකරුවකු ගෙන් ලද තොරතුරක් මත රිදීමාලියද්ද පොලිසිය වැටලීම සිදුකර තිබෙනවා.