fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව ගැන වාර්තාව ජගත් මානව හිමිකම් කවුන්සිලයට

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2019 11:04

ශ්‍රී ලංකාව ගැන වාර්තාව ජගත් මානව හිමිකම් කවුන්සිලයට

මෙරට සංහිදියාව සහ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් යෝජනාවලියක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයට අද ඉදිරිපත් කෙරෙනවා.

බ්‍රිතාන්‍ය, ජර්මනිය ඇතුළු රටවල් පහක අනුග්‍රහය ඇතිවයි යෝජනාවලිය සකස් කර තිබෙන්නේ. සංහිදියාව වගවීම හා මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග එහි ඇතුළත්. ප්‍රධාන කරුණු 4 කින් සමන්විත යෝජනාවලියෙන් මෙරට මානව හිමිකම්, සත්‍යය, යුක්තිය, සංහිදියාව සහ වගවීම සම්බන්ධයෙන් ලබාදිය යුතු තාක්ෂණික සහාය මෙන්ම උපදෙස් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා. ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අඛණ්ඩ සමාලෝචනයක් සිදුකර ඒ සම්බන්ධයෙන් කවුන්සිලයේ 43 වන සැසිවාරයට ලිඛිත යාවත්කාලීන වාර්තාවක් හා 46 වන සැසිවාරයට සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2019 11:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්