fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහානාම සමරවීර මහතාගේ 53 වන ගුණසමරුව මාතරදී

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2019 11:39

මහානාම සමරවීර මහතාගේ 53 වන ගුණසමරුව මාතරදී

කෘතහස්ත දේශපාලනඥයකු වූ මහානාම සමරවීර මහතාගේ 53 වන ගුණසමරුව මාතර බෝසමිදුන් අභියසදී පැවැත්වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, උප අමාත්‍යවරයකු මෙන්ම කැබිනම් අමාත්‍යවරයකු ලෙස දැවැන්ත ජනතා සේවාවක් සිදු කළ මහානාම සමරවීර මහතා ජනතාවාදී මහජන නියෝජිතයකු ලෙසයි සැළකෙන්නේ. ඒ මහතාගේ 53 වන ගුණසමරු උත්සවය මාතරදී පැවැත්වුණේ සමරවීර පවුලේ ඥාතීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. කිතුලේවෙල ජයමහා විහාරවාසී පූජ්‍ය රන්මලේ දීපානන්ද ස්වාමීන්වහන්සේ ආගමික වතාවත් මෙහෙයවනු ලැබුවා. මහානාම සමරවීර ගුණසමරු කමිටුවයි උත්සවය සංවිධාන කර තිබු‍ණේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2019 11:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්