රාජ්‍ය වෙසක් උත්සවය මැයි 17 වනදා පවත්වන බව බුද්ධ ශාසන අමාත්‍යංශය ප්‍රකාශ කළා.
වෙසක් පුන් පොහෝ දින වැඩසටහන් සිදුවන්නේ මැයි මස 18 වනදායි. ඒ ගාල්ල හික්කඩුවේ පිහිටි තෙල්වත්ත තොටගමු පුරාණ රන්පත් රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින්. ඊට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල භෞතික සංවර්ධනය වෙනුවෙන් ද වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. වෙසක් සතිය ක්‍රියාත්මක වන්නේ මැයි මස 15 වනදා සිට 21 වනදා දක්වා. ඒ සඳහා වන වැඩසටහන්වලට ගාමිනි ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා.