පාතාල නායකයෙකු වූ අංගොඩ ලොක්කා නමැත්තාගේ ගෝලයෙකු බව කියන කඩුවෙල බබී නමැති පාතාල සාමාජිකයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදීයි මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟ කඩුවෙල බබී හෙවත් ඉසුරු චමින්ද සමරතුංග නමැත්තා අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔහු සන්තකයේ තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 100 ක් හා හෙරොයින් ග්‍රෑම් 600 ක් සොයා ගැනුණා. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණා. ඔහු සතුව තිබී පුරාවිද්‍යා වටිනාකමින් යුතු බුදු පිළිමයක් හා මැණික් ගල් හතරක් ද සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.