සයිබර් ආරක්ෂාව පිළිබඳ නිීති කෙටුම් පත් සකස් කර අවසන් බව අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කළා. දත්ත ආරක්ෂාව පිළිබඳ නීතිය සඳහා පළමු කෙටුම් පත කඩිනමින් අවසන් කිරිමයි මෙහි අරමුණවී තිබෙන්නේ. එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි අජිත් පී පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර විද්‍යා හා තාක්ෂණ ජාතික ප්‍රතිපත්තියක් හදුන්වාදෙන බවයි අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කළේ. නව ක්ෂේත්‍ර ගණනාවක් හදුනා ගනිමින් එහි ප්රතිලාභ ජනතාවට ලබාදීමයි වැඩපිළිවෙලේ අරමුණවී ඇත්තේ.