182 වන ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට පත්කරන බව නිවාස සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට පහළ හෙවෙස්ස ප්‍රදේශයේ ගම්මානය ඉදිකර තිබෙනවා. මෙරිල් කාරියවසම්ගම ලෙස එය නම්කර ඇති බවයි නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පළන්සූරිය මහතා සඳහන් කළේ.
එහිදී ප්‍රතිලාභීන් 175 දෙනෙක් සඳහා විසිරි ණය චෙක් පත් ප්රදානය කිරිමට ද කටයුතු යොදා තිබෙන අතර කලාකරුවන් ඇගයීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බවයි සභාපතිවරයා පවසන්නේ.