fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෙරන්ඩිප් පාපන්දු කණ්ඩායම පරාජය කිරීමට පොලිස් පාපන්දු කණ්ඩායම සමත් වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 15:23

සෙරන්ඩිප් පාපන්දු කණ්ඩායම පරාජය කිරීමට පොලිස් පාපන්දු කණ්ඩායම සමත් වෙයි

අන්තර් ක්‍රිඩා සමාජ පළමු පෙළ පාපන්දු තරගාවලියේ  අවසන් මහා තරගයේදී මාවනැල්ල සෙරන්ඩිප් පාපන්දු කණ්ඩායම පරාජය කිරිමට පොලිස් පාපන්දු කණ්ඩායම සමත් වුණා.

ජාතික  පාපන්දු සම්මේලනය සංවිධාන කළ තරගාවලියට පාපන්දු කණ්ඩායම් 18ක්, කාණ්ඩ දෙකක් යටතේ තරග වැදුනා. එහි ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගත් කණ්ඩායම් සුපිරි හය දෙනාගේ වටයට සදහා සුදුසුකම් ලැබුවා.  ඒ අනුව අවසන් මහා තරගයට කේරි පත් වුණේ සදහා ශ්‍රී ලංකා පොලිස් පාපන්දු කණ්ඩායම සහ මාවනැල්ල සෙරන්ඩිප් පාපන්දු කණ්ඩායමයි. පළමු අර්ධය අවසන් වන විට ශ්‍රී ලංකා පොලිස් පාපන්දු කණ්ඩායම ගෝල 02ක් වාර්තා කළා. එම අර්ධයේදී මාවනැල්ල සෙරන්ඩිප්  කණ්ඩායම කිසිදු ගෝලයක්  ලබා ගැනිමට හැකි වුයේ  නැහැ. දෙවන අර්ධයේදී මාවනැල්ල සෙරන්ඩිප්  ක්‍රිඩකයින්  එක් ගෝලයක් වාර්තා කළා. මේ අනුව කොළඹ සුගතදාස ක්‍රිඩා පිටියේ පැවති තරගයේ ගෝල දෙකට, එකක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරිමට ශ්‍රී ලංකා පොලිස් පාපන්දු කණ්ඩායම සමත් වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 15:23

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්