fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර්බලඝන මළල ක්‍රීඩා උළෙළ දියගමදී

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 12:24

අන්තර්බලඝන මළල ක්‍රීඩා උළෙළ දියගමදී

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්විවිද්‍යාලයේ වාර්ෂිකව පවත්වන ලබන අන්තර්බලඝන මළල ක්‍රීඩා උළෙළ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේදී පැවැත්වුණා.

අන්තර්බලඝන හයක් තරග වැදුනු මෙම මළල ක්‍රීඩා උළෙල සදහා  ක්‍රිඩක ක්‍රිඩිකාවන් 461දෙනෙකු එක්ව සිටියා. මෙහිදි දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ කෙඩේට් නිළධාරි එච් එන් කේ කල්දේරායි. දක්ෂතම ක්‍රිඩිකාව එන් ඩී ආර් එස් සිරිවර්ධනයි. ලකුණු 415ක් ලබා ගත් ගැමුණු බලඝනය දක්ෂතම බලඝනයේ ශුරතාව හිමි කරගත්තා. අනුශුරයන් බවට පත් වුණේ ලකුණු 316ක් ලබා සිටි ගජබා බලඝනයයි.  තුන්වන ස්ථානය හිමි වුණේ ලකුනු 157ක් ලබා සිටි පැරකුම් බලඝනයටයි. මෙම අවස්ථාවට ආරක්ෂක විද්‍යාපිඨයේ නියෝජ්‍ය උපකුලපති මේජර් ජෙනරාල් අයි පී රණසිංහ, එයාර් වයිස් මාර්ෂල් එම් එස් කේ බී කොටදෙණිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 12:24

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්