fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කතානායකට ශාසනකීර්ති ශ්‍රී දේශාභිමානී සම්මානය

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 12:54

කතානායකට ශාසනකීර්ති ශ්‍රී දේශාභිමානී සම්මානය

කතානායක කරූ ජයසූරිය මහතා ශාසනකීර්ති ශ්‍රී දේශාභිමානී සම්මානයෙන් අද පිදුම් ලබනවා.

මල්වතු මහා විහාරයීය පාර්ශ්වයයි කතානායකවරයා වෙත මෙම ගෞරව සම්මානය ප්‍රදානය කරන්නේ. ඒ ජයසූරිය මහතා මව්බිමට ආගමට දහමට සංස්කෘතියට පරිසරයට මෙන්ම අන්‍ය ආගමික සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කිරීමට දක්වන උපහාරයක් ලෙසයි. හමුදා නිලධාරියෙකු කීර්තිමත් සමාගම් සභාපතිවරයෙකු, තානාපතිවරයෙකු සහ පුරපතිවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කර තිබෙනවා. පළාත් විපක්ෂ නායකවරයෙකු, අමාත්‍යවරයෙකු සහ වත්මනෙහි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස ඉටු කරන මෙහෙවර ඉමහත්. එම සේවාවන්ට උපහාරයක් ලෙස පිදෙන මෙම ගෞරව සම්මානය ප්‍රදානය කිරීමේ උත්සවය මල්වතු මහාවිහාරයීය උපෝසිථාගාරයේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2019 12:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්