රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ සමාරම්භක ව්‍යාපෘතිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16 ක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මකයි. පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මුල්කරගනිමින් මෙම වැඩසටහන ඊයේ ආරම්භ වුණා.
රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ සමාරම්භක ව්‍යාපෘතිය ලබන 22 වනදා දක්වා පැවැත්වෙනවා. මේ යටතේ වකුගඩු රෝග නිවාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. සාගට්ටිකුලම් සිංහල කණිෂ්ඨ විද්‍යාලයේ හා ආනමඩුව දිසා රෝහලේ ජල පද්ධති සදහා මුල්ගල තැබීමද සිදු කෙරුණේ මීට සමගාමීවයි. ආනමඩුව ප්‍රදේශයේ ජල අවශ්‍යතාව සපුරාම තුළින් වකුගඩු රෝගය අවම කර ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Phmztflb56o”]
මේ අතර ආනමඩුව කන්නන්ගර විදුහලේ දරුවන්ගේ ජල අවශ්‍යතාව සපුරාලමින් ඉදිකෙරුණු පානීය ජල පද්ධතිය විවෘත කිරීමද මෙදින සිදු කෙරුණා. වකුගඩු රෝගීන් සදහා ජලපෙරණ 50 ක් ලබාදීම සිදු කෙරුණේ ජනාධිපති කාර්යාලය මගින්. දරුවන් සුරකිමු වැඩසටහනට සමගාමීව වැඩිහිටියන් දැනුවත් කිරිම ආනමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. වැඩිහිටි හැදුනුම්පත් සදහා ජංගම සේවයක්ද පැවැත්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/9tjYYlbrskA”]