රුපියල් ලක්ෂ 33 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුව ලබන ජූනි මස 04 වනදා කැදවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්රස් වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 33 ක මුදලක් සම්බන්ධයෙන් සාපරාදී විශ්වාසය කඩ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. ස්ථිර විනිසුරුවරයා අද දිනයේ රාජකාරී නිවාඩු බැවින් මෙය වෙනත් දිනකට කල් තැබීමට මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපල මහතා නියෝග කළා. මෙම නඩුවට අදාළව නීතිපතිවරයා චෝදනා 03 ක් යටතේ අධි චෝදනා ගොණුකර තිබෙනවා.