ශ්‍රී ලංකා කන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය ජයගැනීමට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
සුරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිඩාපිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය පන්දුවාර පනහ අවසානයේදී කඩුලු නවයක් දැවි ලකුණු 187ක් රැස් කළා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩි ලකුණු ලාභිනිය වූ හර්ෂනා මාධවී ලකුණු 42ක් ලබා ගත්තා. හංසිමා කරුණාරත්න ලකුණු 28යි. පන්දු යැවිමේදී එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඇලෙස් හාට්ලි කඩුලු 03ක් දවා ගත්තා. ඇන්යා ෂුබොස්ලි සහ ලෝරා මාර්ෂ් කඩුලු 02ක බැගින් දවා ගත්තා. ඒ අනුව ජයග්‍රහණය සදහා ලකුණු 188ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර තිස්තුනයි පන්දු තුනකදී කඩුලු 04ක් පමණක් දැවි එම ඉලක්කය පසු කළා. එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාබිනිය වූ අමි ජෝන්ස් ලකුණු 54යි. ඇයට අනගි සහයක් වෙමින් ටෙම්මි බියුමන්ඩ් ලකුණු 43ක් රැස් කළා. පන්දුයැවිමේදී ශ්‍රී ලංකා කාන්තා කන්ඩායමේ ඉනොෂි ප්‍රියදර්ශනි ලකුණු 45කදී කඩුලු 03ක් දවා ගැනිමට සමත් වුණා. ඕෂදි රණසිංහ එක් කඩුල්ලක් බිද හෙලුවා.
මේ අතර අන්තර් සමාජ ක්ලිෆර්ඩ් කුසලානය සදහා වන පිළිමලුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ නාවික හමුදා රග්බි කණ්ඩායම සමග පැවති තරගයෙන් ජයග්‍රහණය ලබා ගැනිමට හැව්ලෝක්ස් ක්‍රිඩා සමාජ රග්බි කණ්ඩායම සමත් වුණා. කොළඹ නව තුරග තරග පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන හැව්ලෝක්ස් ක්‍රිඩා සමාජ රග්බි කණ්ඩායම ලකුණු 36ක් ලබා සිටියා. ඊට උත්සහාක දිනුම් 05ක්, ප්‍රවර්තන 04ක් සහ දඩුවම් පහරක් ඇතුලත්. එම අර්ධයේදී නාවික හමුදා රග්බි කණ්ඩායමට ලකුණු ලබා ගැනිමට හැවිලොක්ස් ක්‍රිඩකයින් ඉඩ ලබා දුන්නේ නැහැ. තරගය නිමා වන විට වන නාවික හමුදා රග්බි කණ්ඩායම ලකුණු 19 ක් ලබා ගත්තා. එහිදි හැව්ලෝක්ස් ක්‍රිඩා සමාජ රග්බි කණ්ඩායම ලකුණු 48 ක් ලබා ගනිමින් ජයග්‍රහණය කිරිමට සමත් වුණා.