ජල ගැලීම් හේතුවෙන් ඇමරිකාවේ දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ප්‍රදේශ වෙත යොමු කර තිබෙනවා. චණ්ඩ මාරුත අවධානමක් මතුව ඇති බවයි එරට කාලගුණ වාර්තා සඳහන් කළේ. විස්කොන්සින්, දකුණු ඩකොටා ඇතුළු ප්රදේශවලටයි වැඩිම බලපෑම් එල්ල වුණේ. පුද්ගලයන් කිහිපදෙනෙකු අතුරුදන් වුණා. සහන කණ්ඩායම් යොදවා ඇති බවයි බලධාරින් පවසන්නේ.