විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යංශය යටතේ පවතින කාර්මික, තාක්ෂණික ආයතනය අද ( මර්තු 19) පෙරවරු 9.30 සිට පස්වරු 4.00 දක්වා මහජනතාව සඳහා විවෘත කෙරෙනවා.
එම ආයතනය මගින් සිදු කරන ලබන පර්යේෂණ, හා නිෂ්පාදන පිළිබඳව මෙහිදී ජනතාවට එහි සිටින විද්‍යාඥයින් විසින් විස්තර කර දෙනු ඇත.
සුළු හා මධ්‍ය පාරිමාණ ව්යවසායකියින්ට කර්මාන්තකරුවන්ට,ආයෝජකයින්ට, පර්යේෂකයින්ට , සරසවි සිසුන්ට අපනයන කරුවන්ට මෙන්ම පාසල් හැරගිය තරුණ තරුණියන් ටද නව කර්මාන්ත අරඹන්නේ නම් ඒ සඳහා අවශ්‍ය දැනුම හා උපදෙස් මෙහිදී ලබා ගත හැකි බව කාර්මික තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (අලෙවි හා ප්‍රවර්ධන) මනෝරි විජේමාන්න මහත්මිය පවසයි.
කොළඹ 07, විද්‍යා මාවතේ අංක 120/4 ඒ දරණ ස්ථානයේ පිහිටි කාර්මික තාක්ෂණ ආයතනයේ (19) පෙ.ව 9.30 සිට පස්වරු 4 දක්වා මහජනයා සඳහා විවෘතව තවන බවත් ආයතනය මගින් සිදු කරණ සියලු කාර්යයන් පිළිබඳව එහිදී විස්තර දැනගත හැකි බවත් විජේවර්ධන මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.