අන්තර් සමාජ ක්ලිෆර්ඩ් කුසලානය සදහා වන පිළිමලුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ නාවික හමුදා රග්බි කණ්ඩායම සමග පැවති තරගයෙන් ජයග්රහණය ලබා ගැනිමට හැව්ලෝක්ස් ක්රිඩා සමාජ රග්බි කණ්ඩායම සමත් වුණා.
කොළඹ නව තුරග තරග පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන හැව්ලෝක්ස් ක්රිඩා සමාජ රග්බි කණ්ඩායම ලකුණු 36ක් ලබා සිටියා. ඊට උත්සහාක දිනුම් 05ක්, ප්රවර්තන 04ක් සහ දඩුවම් පහරක් ඇතුලත්. එම අර්ධයේදී නාවික හමුදා රග්බි කණ්ඩායමට ලකුණු ලබා ගැනිමට හැවිලොක්ස් ක්රිඩකයින් ඉඩ ලබා දුන්නේ නැහැ. තරගය නිමා වන විට වන නාවික හමුදා රග්බි කණ්ඩායම ලකුණු 19 ක් ලබා ගත්තා. එහිදි හැව්ලෝක්ස් ක්රිඩා සමාජ රග්බි කණ්ඩායම ලකුණු 48 ක් ලබා ගනිමින් ජයග්රහණය කිරිමට සමත් වුණා.