දිවයිනේ ඇතැම් ස්ථානවලට අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගාල්ල සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවලත්, පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. වැසි ඇති වන අවස්ථාවලදී තද සුළං ඇති විය හැකි අතර මුහුදු ප්‍රදේශ ද තාවකාලිකව රළු විය හැකි බව එම දෙපරේතමේන්තුව පවසනවා.