ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් වීමේදී ජාත්‍යන්තර පිළිගැනීම මෙන්ම ගෞරවය ඊට හිමිවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
ලුණුගම්වෙහෙර සද්ධාතිස්සපුර සිරිකලණගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 181 වන ආදර්ශ ගම්මානය මෙයයි. සිරිකලණගම නිවාස 19 කින් සමන්විතයි. ඒ සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 169 ක්.
[ot-video type=”youtube” url=”https://youtu.be/TUxuHli73jA”]