fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වේ

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2019 14:51

අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වේ

අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම අද එළිදැක්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අල්ලස හා දූෂණය මැඩලීම වෙනුවෙන්  පැහැදිලි වැඩපිළිවෙලක් රට තුළ තිබුණ ද වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබද ගැටළුකාරී තත්ත්වයක් පවතින බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ.

අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවා. වංචාව හා දූෂණය තුරන් කරමින් ආර්ථික , සමාජයීය , සංස්කෘත හා පාරිසරික වශයෙන් තිරසර සංවර්ධනයක් උදාකර ගැනීම ක්‍රියාකාරී සැලැස්මේ අරමුණයි. සාකච්ඡා වට 40 ක් පවත්වා විද්වතුන් , විදෙස් විශේෂඥයින් , විවිධ තරාතිරම්වල පිරිස් මෙන්ම ජනතාවගේ අදහස් ලබා ගනිමින් මෙම ජාතික සැලැස්ම සකස් කෙරුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියාසිටියේ අල්ලස හා දූෂණය නතර කිරීම සඳහා පසුගිය වසර හතර තුළ කිසිදු රජයක් නොගත් දැඩි තීන්දු පවා ගෙන ඇති බවයි.

තෛනිකායික මහා සංඝරත්නය ද අන්‍ය ආගමික පූජකවරුන් ද විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුලු දෙස් විදෙස් නියෝජිතයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2019 14:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්