fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කඩුලු රැකිමේ වගකීම යළි නිරෝෂන් දික්වැල්ලට

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2019 11:07

කඩුලු රැකිමේ වගකීම යළි නිරෝෂන් දික්වැල්ලට

දකුණු අප්‍රිකාව සමග පැවැත්විමට නියමිත පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කඩුලු රැකිමේ වගකීම යළි නිරෝෂන් දික්වැල්ලට ලබා දීමට තීරණය කර  තිබෙනවා.

මෙම  තරගාවලියේදී  ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ලසිත් මාලිංගයි. එහි පළමු තරගය  මෙරට වේලාවෙන් හෙට රාත්‍රී 9.30ට කේප්ටවුන් ක්‍රිඩාංගනයේදී ආරම්භවනවා. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නා කටයුතු කරන්නේ නිරෝෂන් දික්වැල්ලයි. පිතිකරුවෙක් ලෙස අසාර්ථකවීම හේතුවෙන් ඔහුට පස්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අහිමි වුණා. එමෙන්ම සදීර සමරවික්‍රමට මෙම තරගයේදී  අවස්ථාව හිමිවනු ඇතැයි වාර්තා වනවා. ලක්ෂාන් සදකැන් ද කණ්ඩායමට එක්විමේ වැඩිඉඩකඩක් ඇති බවයි එරටින් ලැබෙන නවතම වාර්තා පවසන්නේ. දකුණු අප්‍රිකාව සමග එරටදී පැවති පන්දුවාර විස්සයි විස්ස තරග තුනෙන් තරග දෙකක් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගෙන තිබෙනවා. කණ්ඩායම මෙම තරගයට හොද සුදානමකින් හා  මානසිකත්වයකින් ඇති බව නායක ලසිත් මාලිංග පවසනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2019 11:07

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්