නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හිදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් කිහිප දෙනෙකුගේ දේහයන් අවසන් කටයුතු සදහා මුදා හැරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
සිද්ධියෙන් සාමාන්‍ය වැසියන් පනස් දෙනෙකු පමණ මිය ගියා. සෙසු පිරිසගේ දේහයන් ද පරික්ෂණ කටයුතුවලින් පසු මුදා හැරීමට නියමිතයි. මේ වන විට තිස් හතර දෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ඒ අතර වයස අවුරුදු 4ක කුඩා දැරියක් ද සිටින බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ඇයගේ තත්ත්වය බරපතල බව වෛද්‍යවරුන් පවසනවා. මියගිය පුද්ගලයන් වෙත බුහුමන් දැක්වීම සහ ශෝකය පළකිරීමට නවසීලන්ත වැසියන් විශාල සංඛ්‍යාවක් එක්ව සිටිනවා.
සිද්ධියේ සැකකරු වන ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට් පොලිස් භාරයේ පසුවනවා. ඔහු සිද්ධිය ෆේස් බුක් වෙබ් අඩවිය ඔස්සේ සජීවී ලෙස ප්‍රචාරය කිරීමට ද කටයුතු කළා. පරික්ෂණවලදී ටැරන්ට් පවසා ඇත්තේ තමන් සුදුජාතීන් වෙනුවෙන් පෙනී සිටින දැඩි මතධාරියෙකු බවයි. ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් දේවස්ථාන දෙකක බැතිමතුන් ඉලක්ක කර ගනිමිනුයි මෙම ප්‍රහාරය එල්ල කෙරුණේ.
මේ අතර නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්දා අර්ඩන් සදහන් කොට ඇත්තේ නවසීලන්තයේ ගිනි අවි පිළිබද නීතිය දැඩි කිරීම සදහා කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා පවත්වන බවයි.