කොළඹ ආනන්ද සහ නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන හතලිස් පස්වන සිමිත පන්දුවාර පනහ එක්දින ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා.
කොළඹ එස්එස්සී ක්‍රිඩාපිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු කොළඹ ආනන්ද විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි කොළඹ ආනන්ද විද්‍යාලය පන්දුවාර 48ක් අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 197ක් රැස් කළා. එහිදි කලන විජේසිරි ලකුණු 46 ක් සහ නදීෂ කරුණාරත්න ලකුණු43ක් ලබා ගනිමින් සිය ඉනිම ශක්තිමත් කළා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කිරිමට පිටියට පිවිසි කොළඹ නාලන්දා විද්‍යාලය මේ වන විට පන්දුවාර 08 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 35ක් ලබා සිටිනවා.