සිම්බාබ්වේ සහ මොසැම්බික් රාජ්‍යවලට බලපෑ අයිඩයි සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් තිස් එක් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පුද්ගලයින් 50 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දැඩි ගංවතුර හා නාය යාම් රැසක් වාර්තා වී තිබෙනවා. පුද්ගලයින් ලක්ෂ පහකට අධික පිරිසක් සුළු කුණාටුව හේතුවෙන් අවතැන් වී සිටිනවා. පැයට කිලෝමීටර 177ක වේගයකින් හමා යන සුළි කුණාටුව හේතුවෙන් මොසැම්බික් හා සිම්බාබ්වේ රාජ්‍යවල ගුවන්තොටුපොළ රැසක කටයුතු අඩාල වී ඇති බව සදහන්. විපතට පත් පිරිසට ගුවන් මගින් ආධාර ලබාදීමට කටයුතු කරන බවයි බලධාරීන් පවසන්නේ.