fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රං කොල්ලා

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 13:53

රං කොල්ලා

සුමිත් රත්නායක තිර රචනය කර අධ්‍යක්ෂණය කළ රං කොල්ලා චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දර්ශනයක් චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුණා.

මා ෆිල්ම්ස් ඉදිරිපත් කරන මෙම චිත්‍රපටයේ අයිරාංගනී සේරසිංහ, ජයලත් මනෝරත්න, සුසිලා කෝට්ටගේ ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් දායකත්වය ලබා දෙනවා. ළමා රංගන ශිල්පී දනිත දම්සත් සිනමා කෘතියේ ප්‍රධාන චරිතය රගදක්වනවා. අසරණ දරුවෙකු කේන්ද්‍රකරගනිමිනුයි සිනමා කෘතිය නිර්මාණය වී ඇත්තේ. මෙය සුමිත් රත්නායකගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණයයි. විසි දෙවන සුමති සම්මාන උළෙලේදී ITN නාලිකාව වෙනුවෙන් වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් මද්දහන ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන්නේද සුමිත් රත්නායකයි. ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායකගේ රං කොල්ල නව කතාව ඇසුරින් මෙම සිනමා කෘතියේ තිර රචනය සිදු කර තිබෙනවා. මධුකා මඩවලගේ නිශ්පාදනයක් වන රංකොල්ලා චිත්‍රපටය සදහා ජාලිය සමරක්කොඩි සහ බන්දුල ඒකනායක සම නිශ්පාදනයෙන් දායක වනවා. මාධ්‍ය දර්ශනය සදහා ප්‍රවීණ සිනමාවේදීන්, විද්වතුන්, සිනමා විචාරකයින් සහ මාධ්‍යවේදීන් රැසක් එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 13:53

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්