මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල පවතින වියළි කාලගුණයත් සමඟ කෘත්‍රිම වැසි ඇති කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට අවධානය යොමුවී තිබෙනවා.
විදුලි උත්පාදනය සදහා ජලය ලබා ගන්නා ජලාශ පවතින ප්‍රදේශවල කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක් ඇතිකිරීම සදහා ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇති බවයි ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සී ජී එස් ගුණසේකර මහතා සදහන් කළේ. ඉදිරි සතියක කාලය තුළදී එම වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතයි. තායිලන්ත ඉංජිනේරුවන් පිරිසකගේ සහාය ඇතිව මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. ගුවන් හමුදාව සහ තවත් රාජ්‍ය ආයතන කිහිපයක සහයෝගයෙන් කෘත්‍රිම වැසි ඇති කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි ගුණසේකර මහතා කියා සිටියේ.