නවසීලන්තයේ ඉස්ලාම් පල්ලි දෙකකට ප්‍රහාර එල්ලකළ පුද්ගලයා තනිවම එම ප්‍රහාර සැලසුම් කර ඇති බව නවසීලන්ත පොලීසිය පවසනවා.
විසි අට හැවිරිදි ඔස්ට්‍රේලියා ජාතික සැකකරු වෙනත් කිසිදු අයෙකුගේ සහයෝගයකින් තොරව මෙම ප්‍රහාරය සැලසුම්කර ඇති බවයි මූලික පරික්ෂණවලදී හෙළිව තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් තිදෙනා ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි නොමැති වුවත් පරික්ෂණවලින් අනතුරුව සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නවසීලන්ත බලධාරීන් පවසනවා. මිය ගිය පුද්ගලයින් 50 දෙනා අතර පාකිස්තාන ජාතිකයින් 6 දෙනෙක් සහ ඉන්දීය ජාතිකයින් 5 දෙනෙකු වනවා. තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයින්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තාවන්නේ.