fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉබ්බන් 15 දෙනෙකු සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 10:47

ඉබ්බන් 15 දෙනෙකු සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඉබ්බන් 15 දෙනෙකු සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සේරුවිල මාවිල්ආර් රක්ෂිතයේ ඉබ්බන් අල්ලමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. කන්තලේ සූරියපුර විශේෂ කාර්යබලකා මූලස්ථානයට ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කන්තලේ කන්තලේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් වෙත අදාළ සැකකරුවන් සහ ඉබ්බන් භාර දී ඇති බව අප වාර්තාකරුවන් සදහන් කරනවා. බේරාගත් ඉබ්බන් සෝමාවතී රක්ෂිතයට මුදා හැර ඇති බවයි ඔවුන් සදහන් කළේ.

මේ අතර කිරිදිඔය ආසන්නයේ ජීවත්වන ජනතාවට තර්ජනයක් වී තිබූ අඩි 14 ක් පමණ දිග දැවැන්ත කිඹුලෙකු අල්ලා ගැනීමට හැකිවී තිබෙනවා. බූන්දල වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසකුයි කිඹුලා අල්ලාගෙන ඇත්තේ. එම කිඹුලා යාල ජාතික වනෝද්‍යානයට මුදා හැරීමට කටයුතු කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 10:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්