fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝටි තුනක රන් බිස්කට් රේගු දැලේ

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 11:54

කෝටි තුනක රන් බිස්කට් රේගු දැලේ

රුපියල් කෝටි තුනක වටිනාකමින් යුත් රන් බිස්කට් තොගයක් අත්අඩංගුවට ගැනීමට රේගු බලධාරීන් සමත්වුණා.

චෙන්නායි සිට  ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් මගියෙකුයි මෙම රන් බිස්කට් තොගය ගෙනවිත් ඇත්තේ. අවුරුදු 49ක වයසේ පසුවන අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව කටුනායක ගුවන්තොටුපොල නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා පවසනවා. පිටකොන්දේ අපහසුතාවක් සදහා පළදින පටියක මෙම රන් බිස්කට් සගවාගෙන සිටි බවයි රේගු බලධාරීන් පවසන්නේ. සැකකරු සතුව තිබී කිලෝ 4ක පමණ බරින්  යුතු රන් බිස්කට් 40ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2019 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්