fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැල්ලවාය – සපුගොඩ රක්ෂිතයේ ගින්නක්

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2019 16:13

වැල්ලවාය – සපුගොඩ රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආනපල්ලම සපුගොඩ කඳු රක්ෂිතයේ අද (16) දහවල් විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

මේ වන විටත් ගින්න ව්‍යාප්ත වෙමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගින්න නිවීම සඳහා පොලීසිය සහ ප්‍රදේශයේ ගම්වාසීන් විසින් දැඩි උත්සාහයක් දරන අතර පවතින වියළි කාලගුණය සහ දැඩි සුළං තත්ත්වය නිසා ගින්න මැඬපැවැත්වීමට නොහැකි වී තිබෙනවා.

ගින්න නිසා රක්ෂිතයේ අක්කර විස්සකට වඩා විනාශ වී ඇති අතර ගින්න මැඬපැවැත්වීම සඳහා යුධ හමුදා සහය ලබා ගන්නා බව ආපදා කලමනාකරණ ඒකකයේ මොණරාගල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා පවසනවා.

කිසියම් පුද්ගලයකු විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලීසිය සැක පල කරනවා. වැල්ලවාය පොලීසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2019 16:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්