fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වේරහැර අද සිට සෙනසුරාදාත් විවෘතයි

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2019 17:01

වේරහැර අද සිට සෙනසුරාදාත් විවෘතයි

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාව අද (16) සිට සතියේ සෙනසුරාදා දිනයන්හිදී ද විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

සතියේ දින පහේ පමණක් විවෘතව තිබූ මෙම ශාඛාව අද සිට සෙනසුරාදා දිනයන්හිදී ද පෙරවරු 8 සිට සවස 4 දක්වා විවෘතව පවතිනවා. එක්දින රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම ආදී කටයුතු මෙම ශාඛාව මගින් සිදුකෙරෙනවා. සෙනසුරාදා දිනයන්හිදී ලිඛිත පරීක්ෂණ සදහා පෙනී සිටින අයැදුම්කරුවන්ට එදිනම ප්‍රායෝගික පරීක්ෂණ සදහා ද පෙනී සිටීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

සෙනසුරාදා දිනවල රියදුරු බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන අයැදුම්කරුවන්ගේ පහසුව සදහා ජාතික ප්‍රවාහන වෛද්‍යායතනයේ වේරහැර ශාඛාව ද එම දිනයේදී පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා විවෘතව පවතිනවා. මෙම වැඩසටහන ඉදිරියේ දී අනෙකුත් ශාඛා සදහා ද ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සදහන් කළා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක මෙම අවස්ථාවට එක්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2019 17:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්