පාර්ලිමේන්තු මන්ත්රි කාදර් මස්ථාන් මහතා ගමන්ගත් නිල රථය අනතුරකට ලක්වීමෙන් පුද්ගලයන් තුන්දෙනෙකු තුවාල ලැබුවා.
තුවාලකරුවන් වව්නියාව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. යතුරුපැදියක ගමන්ගත් මව පියා සහ වයස අවුරුදු එකහමාරක දරුවෙකු මෙම සිද්ධියෙන් තුවාල ලබා තිබෙනවා. ඒ නවය මාර්ගයේ මැදවච්චිය, කුඹුගොල්ලෑව ප්රදේශයේ දීයි අනතුරු සිදුවුණේ.
සිද්ධිය වන අවස්ථාවේ මන්ත්රිවරයා මෙම වාහනයේ සිට ඇති අතර ඔහුට හානියක් සිදුව නැහැ.