fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිව්යෝර්ක් නගරයේ විරෝධතාවක්

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2019 13:11

නිව්යෝර්ක් නගරයේ විරෝධතාවක්

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, පාසල් ශිෂ්‍යයින් සහ කුඩා දරුවන් ඇතුළු විශාල පිරිසක් විරෝධතාවයකට එක්ව තිබෙනවා.

මෙම පිරිස විරෝධතාවයට එක්ව සිටින්නේ ලෝකයේ කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් එම රජයට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමිනුයි. දස දහස් ගණනක දරු පිරිසක් මේ සදහා සහභාගී වී ඇති බව සදහන්. අපගේ ලෝකය, අපගේ අනාගතය යන තේමාවෙනුයි ඔවුන් වීදි පුරා පුවරු රැගෙන ගියේ නිව්යෝර්ක් නගරයේ මෙන්ම ඇමෙරිකාවේ වොෂින්ටන් ඇතුළු නගර කිහිපයකම මෙම විරෝධතා පැවැත්වූ බව එරට වාර්තා සදහන් කරනවා. එමෙන්ම ස්වීඩනය ඇතුළු යුරෝපා රටවල් කිහිපයකම ද කාලගුණ විපර්යාස විරෝධතා පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2019 13:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්