ප්‍රධාන මහ නගරයක් ලෙස දඹුල්ල නගරය සංවර්ධනය කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ නගර හරිත නගර බවට පත් කිරීමේ වැඩසටහන දඹුල්ල නගරයේදී ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/DsF1XMdoS50″]
පාසල් හා රාජ්‍ය ආයතන වෙත අඹ පැල බෙදාදීමට ද අමාත්‍යවරයා මෙහිදී එක්වුණා. පාසල් දරුදැරියන් සමග ද සුහත කතාබහක නිරත වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා දඹුල්ල ගම්උදාව භූමියේ පෙර පාසලක සිගිති පොලකට ද එක්වුණා. රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ මහනුවර, පූජාපිටිය නාලන්ද මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කෙරුණේ එම් එන් කේ හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සදහා රුපියල් ලක්ෂ 190 ක මුදලක් වැයකර තිබෙනවා. මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වුණා.