fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙට සහ අනිද්දා ප්‍රදේශ කිහිපයක ගිගුරුම් සහිත වැසි

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2019 11:42

හෙට සහ අනිද්දා ප්‍රදේශ කිහිපයක ගිගුරුම් සහිත වැසි

හෙට(17) සහ අනිද්දා (18) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයක් පවතින බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

බස්නාහිර,සබරගමුව, වයඹ,මධ්‍යම,ඌව සහ දකුණ යන පළාත්වල හෙට(17) හා අනිද්දා (18) පස්වරුවේදී වැසි ඇතිවිය හැකියි. අද (16) දිනයේ සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත්, සවස දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි ඇතිවීමේ තත්ත්වයක් පවතිනවා. හම්බන්තොට, අම්පාර,මඩකලපුව සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයක්ද පවතිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2019 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්