උතුරු චීනයේ ෂැංෂි පළාතේ නායයාමක් සිදුව තිබෙනවා. නිවාස කඩාවැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නායයාමට හසුවූ 13 දෙනෙක් සුන්බුන් ඉවත් කර සොයාගත් නමුත් ඉන් දෙදෙනෙක් මිය ගොස් සිටිබව බලධාරීන් ප්‍රකාශ කළා.
අතුරුදන්වූවන් සොයා තවමත් මෙහෙයුම් සිදුකරන බවයි ගලවාගැනීමේ මෙහෙයුම් කණ්ඩායම් පවසන්නේ.
මහජන ආරක්ෂක නිලධාරින්, පොලිස් නිලධාරීන්, හදිසි බේරා ගැනීමේ සහ වෛද්‍ය කාර්ය මණ්ඩල ඇතුලු 600 කට අධික පිරිසක් මෙම පිරිස මුදාගැනීම සඳහා සහභාගී වී සිටිනවා.
භූ විද්‍යාත්මක තත්වයන් මත බර යන්ත්‍රය එම භූමියට ලඟා විය නොහැකිව තිබෙනවා.ජීවිතාරක්ෂක උපකරණ සහ ජීවිතාරක්ෂක සුනඛයන් ආධාර ඇතිව අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු ක්‍රියාත්මකයි.