ශ්‍රී ලංකා රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ පළමුවරට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උප්පැන්න හා එක්දින ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙල අද(16) ආරම්භ කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීම ආරම්භ කෙරුණා. නව ක්‍රමය යටතේ ව්‍යාජ උප්පැන්න සහතික සැකසීම කළ නොහැකිවීම විශේෂත්වයක්. එය සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම නිකුත් කෙරෙනවා. දෙම්පියන් විවාහද නැද්ද යන්න පිළිබද තීරය මෙම උප්පැන්න සහතිකයෙන් ඉවත්කර තිබෙනවා.
තවද එකම රෙජිස්ටාර් ජනරාල්වරයාගේ අත්සනින් සියලු දෙනාට උප්පැන්න සහතික නිකුත් කිරීම තවත් විශේෂත්වයක්. එක්දින ඉඩම් ඔප්පු ලබාගැනීමේ සේවයේ ආරම්භය සනිටුහන් කරමින් පළමු ඉඩම් ඔප්පුව නිකුත් කිරීම ද අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. මෙම අවස්ථාවට මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්වුණා. නොතාරිස්වරුන්, රෙජිස්ටාර්වරුන්, ලේඛන සහකාරවරුන් සදහා පත්වීම් ප්රදානය ද මෙහිදී සිදුකෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/66mNLWQgA0s”]