fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්ත ප්‍රහාරයට ජනපති, අගමැති හා විපක්ෂනායක ශෝකය පළකරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2019 12:36

නවසීලන්ත ප්‍රහාරයට ජනපති, අගමැති හා විපක්ෂනායක ශෝකය පළකරයි

පුද්ගලයින් 49 දෙනෙකුට මරු කැඳවු නවසීලන්ත ප්‍රහාරය හෙළා දකින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ටුවිටර් ගිණුමේ පණිවිඩයක් තබමින් සඳහන් කර තිබෙනවා. එම ප්‍රහාරයෙන් තමා දැඩි ලෙස කම්පනයට පත්වූ බවත්, විපතට පත්වූ පුද්ගලයින්ගේ පවුල්වලට සිය ශෝකය පළ කරන බවත් එහි සඳහන්. දක්ෂිනාංශික සටන්කාමීන් හෝ ආගමික අන්තවාදීන්  හෝ සියලු ආකාරයේ ත්‍රස්තවාදයන් තමා හෙළා දකින බව ජනාධිපතිවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා

ක්‍රිස්ට්චර්ච්හි සිදු කරන ලද අති බිහිසුණු ප්‍රහාරයන් හමුවේ නවසීලන්තයට සිය ශෝකය හා සහයෝගය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සිය ටුවිටර් ගිණුමේ පණිවිඩයක් තබමින් සඳහන් කර තිබෙනවා. නවසීලන්තය සාමය, බහු සංස්කෘතික බව සහ ඉවසීම පිළිබඳ ප්‍රබල ඉතිහාසයක් ඇති රටක් වන අතර, එම සාරධර්ම යටපත් කිරීමට එහි ජනයා ඉඩ නොදෙන බවට කිසිදු සැකයක් නැති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටී.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සිය ටුවිටර් ගිණුමේ ශෝක පණිවිඩයක් තබා සඳහන් කර තිබෙනවා.විපක්ෂ නායකවරයා පවසන්නේ ක්‍රස්චර්ච්හි මුස්ලිම් පල්ලිවලට එල්ලවූ ප්‍රචණ්ඩකාරී ප්‍රහාරයන් පිලිබඳ ආරංචිය දැන ගැනීමෙන් මහත් කණගාටුවට පත් වූ බවයි. ආදරණීයයන් අහිමි වූ පවුල්වලට විපක්ෂ නායනවරයාද සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2019 12:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්