fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රිපිටකාභිවන්දනා සතිය ඇරඹේ

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2019 10:21

ත්‍රිපිටකාභිවන්දනා සතිය ඇරඹේ

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළ ථේරවාදී සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක උරුම මතක ලේඛනයට ඇතුළත් කිරීම සදහා වන යෝජනාව ලබන 23 වනදා ඉදිරිපත් කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතිනවා. ඒ නිමිත්තෙන් ක්‍රියාත්මක කරන ත්‍රිපිටකාභිවන්දනා සතිය අද (16) ආරම්භ වුණා.

මේ නිමිත්තෙන් සෑම නිවසකම හා රාජ්‍ය ආයතනයකම බෞද්ධ කොඩියක් එම සතිය පුරා ඔසවා තබන ලෙස රජය ඉල්ලීමක් කර තිබෙනවා. දිවයිනේ සියලු පොලිස්ථාන කේන්ද්‍ර කර ගනිමින් දීපව්‍යාප්ත පිණ්ඩපාත දානමය පිංකම් රැසක් පැවැත්වුණා. විදේශයන් හි ශ්‍රී ලාංකික විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ද වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. අද (16) සිට සතියක් පුරා දීප ව්‍යාප්තව විවිධ වැඩසටහන් ක්‍රියාත්මකකෙරෙනවා.

මීට සමගාමීව කුරුදුවත්ත පොලිස් ස්ථානය සංවිධාන කළ පිණ්ඩපාත චාරිකා පිංකම පැවැත්වුණේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. නිදහස් චතුරශ්‍රයේ සිට ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කළ මෙම පිණ්ඩපාත චාරිකාවට ස්වාමීන් වහන්සේ 75 නමක් එක්ව සිටියා. ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ කුරුදුවත්ත පොලිස් ස්ථානාධිපති පී ඩී නාගහවත්ත මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

 ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමීව ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන ආගමික වැඩසටහන ලෙස පැවැත්වූ පිණ්ඩපාත චාරිකාව ගම්පහ සාම විහාරයෙන් ආරම්භ කෙරුණා. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන එක්වයි මෙය සංවිධාන කළේ. ස්වාමීන් වහන්සේ 59 කට අධික පිරිසක් එම පිංකමට එක්වුණා. මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුණා.

හලාවත, මාදම්පේ පොලිස් ස්ථානය සංවිධාන කළ පිණ්ඩපාත චාරිකා වැඩසටහන මාදම්පේ නගරයේ දී සාර්ථකව පැවැත්වුණා. මාදම්පේ නව නගරයේ ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයෙන් ආරම්භ කළ එම පිණ්ඩපාත චාරිකාවට ජනතාව මහත් උද්‍යෝගයෙන් දායකත්වය සපයන අයුරු දැකගත හැකි වුණා.

අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රදේශීය ලේකම් කාර්යාලය සහ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සංවිධාන කළ පිණ්ඩපාත චාරිකා පිංකම ද භික්ෂූන් වහන්සේ 59 ක ගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්වුණා. මීට සමගාමීව අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පිරිත් සඡ්ඣායනාවක් ද පැවැත්වුණා.

දොඩංගොඩ පොලිස් ස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රදේශවාසීන් සංවිධාන කළ පිණ්ඩපාත චාරිකාව බෝම්බුවල ශ්‍රී සුබෝධි රාජාරාම මහා විහාරස්ථානයෙන් ආරම්භ කෙරුණා. දොඩංගොඩ පොලිස් ස්ථානාධිපති සම්පත් බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2019 10:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්