රට තුළ ජාත්‍යන්තර මට්ටමේ අපරාධකරුවන් සිටින තත්ත්වයක් උද්ගතව ඇති බැවින් එය තුරන් කිරීමට වහා කටයුතු කළ යුතු බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. පදනම් ආයතනයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියාසිටියා.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ ප්‍රජා විශෝධන ලාභීන් විශෝධනය කිරීමේ ව්‍යාපෘතියේ නැගෙනහිර හා බස්නාහිර පළාත් සමාරම්භය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණා.
ඒ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවයි එය සංවිධාන කර තිබුණේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/maqpyJc1cAM”]