අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සහ ඔස්ටේරිලියානු මහ කොමසාරිස් ජෝන් පිලිප් මහතා අතර හමුවක් පැවැත්වුණා.
ඒ බන්ධනාගාර සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී . දෙරට අතර අධිකරණ පද්ධතියේ සහයෝගිතාව ඇතිකරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.
මෙරට අධිකරණ පද්ධතියේ සංවර්ධනය , පුහුණුවීම් වැනි අංශ සදහා ඔස්ටේරිලියාව ලබාදෙන සහාය අගය කරන බවයි තලතා අතුකෝරල මහත්මිය එහිදි ප්‍රකාශ කළේ.