සේනා දළඹු උවදුරෙන් වගා හානි සිදුවූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් වෙත වන්දි මුදල් පිරිනැමීම අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ පන්සිය හතලිහක්.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි මෙම කටයුතු සිදු කෙරුණේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 136ක ප්‍රමාණයක් සේනා දළඹු උවදුරෙන් හානියට පත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ පරික්ෂණයකදී හෙළිවුණා.
ඒ අනුව පූර්ණ හානි සිදුවූ වගාබිම් සදහා අක්කරයකට රුපියල් හතලිස් දහස බැගින් ගොවීන් එකසිය තිස් දෙදෙනෙකු වෙත මෙහිදී වන්දි පිරිනැමීමටයි කටයුතු කෙරුණේ.