ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමා අතර හමුවක් සිදු වුණා. ජාත්‍යන්තර තලයේදී දෙරටම සහයෝගයෙන් කටයුතු කිරීමට නායක දෙපල මෙහිදී එකඟතාවකට පැමිණියා.
එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට සහභාගී වීම සදහා කෙන්යාවේ නයිරෝබි නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමා අතර හමුව සිදු වූයේ එරට ජනාධිපති මන්දිරයේදීයි. කෙන්යා ජනාධිපතිතුමා මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උණුසුම් අයුරින් පිළිගත්තා.
දෙරට අතර අනෝන්‍ය සහයෝගීතාව ඉදිරියේදී වඩාත් පුළුල් වනු ඇති බවට කෙන්යාටා මැතිතුමා විශ්වාසය පළ කළා. කෘෂි ක්ෂේත්රයේ කටයුතුවලදී සහයෝගයෙන් ක්‍රියා කිරීමට නායක දෙපළ මෙහිදී එකග වුණා. කෙන්යාවේ පොල් වගාව ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස කළ ඉල්ලීමට ජනාධිපතිතුමා එකගතාව පළ කළා. ශ්‍රී ලාංකිකයන් රැසක් කෙන්යාවේ විවිධ රැකියාවල නිරත වන අතර ඔවුන්ගේ පහහසුකම් තවදුරටත් පුළුල් කිරීම පිළිබදවද මෙහිදී අවධානය යොමු වුණා.
මේ අතර රුවන්ඩා අග්‍රාමාත්‍ය එඩුවාඩ් නිග්රෙන්ඩ් මහතාද නයිරෝබ් අගනුවරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවුණා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නයිරෝබි නුවර පිහිටි කෘෂි වන වගා පර්යේෂණ ජාත්‍යන්තර මධ්‍යස්ථාන මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා. එහි අධ්යක්ෂ ජනරාල්වරයා ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගත්තා. කෘෂි වන වගාව පිළිබද ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ මෙහි සිදු කෙරෙනවා. ශ්‍රී ලංකාවේ ද කෘෂි ක්ෂේත්රයේ පර්යේෂණ කටයුතු සදහා මෙම ආයතනයේ සහාය හිමිවනවා. එම කටයුතු තවදුරටත් පුළුල් කිරීමට ජනාධිපතිතුමා වෙත මෙහිදී එකගතාව පළ වුණා.
ජනාධිපතිතුමා මෙම පර්යේෂණ භූමියේ කොස් පැළයක් සිටුවීමට ද එක් වුණා. මෙහිදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සදහන් කළේ ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණය සහ සොබා දහමේ තිර පැවැත්ම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ වැදගත් තීන්දු තීරණ රැසක් ගෙන ඇති බවයි.