ඕස්ට්‍රේලියා හමුදා අංශ සාමාජිකයින් දහසක් රැගත් යුද නෞකා 4 ක් ශ්‍රී ලංකාවට
Related Articles
ඕස්ට්‍රේලියා හමුදා අංශ සාමාජිකයින් දහසක් හා එරට නාවික හමුදාවට අයත් යුද නෞකා 4 ක් රැගත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටිනවා. ලබන 23 වනදා සිට 30 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටින ඔවුන් කොළඹ සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් කේන්ද්‍රකර ගනිමින් හමුදා සහයෝගීතා කටයුතු හා පුහුණුව, ආපදා කළමනාකරණ, මානුෂීය මෙහෙයුම් සිදු කිරීමට නියමිතයි. ඒ ඉන්ඩෝ පැසිෆික් එන්ඩ්එවර් ටූ තවුසන්ඩ් නයින්ටීන් යන තේමාව යටතේයි. කොළඹදී අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි මේ බව හෙළි කෙරුණේ.
ජෝන් පිලිප් – ඕස්ට්‍රේලියා වැඩ බලන මහ කොමසාරිස්
“මෙය අපි ශ්‍රී ලංකාවත් එක්ව ආරම්භ කරපු ආරක්ෂක කටයුතු පිළිබද විශාලතම සැලැස්මක්. මුලින්ම මෙම සැලසුම ආරම්භ කරන්නේ ශ්‍රී ලංකාවත් එක්ක. පසුව ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, වියට්නාමය සහ සිංගප්පූරුව වැනි රටවල් සමගත් අපි මේ සැලසුම ආරම්භ කරනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අපි ආරාධනා කළා මෙහි වැදගත් අංශ සදහා එක්වන්න. ශ්‍රී ලංකාව අපිට ඉතාම වැදගත් සාමාජිකයෙක්. මේ සැලසුම තුළින් ශ්‍රී ලංකාවට වගේම ඕස්ට්‍රේලියාවටත් වරප්‍රසාද රැසක් හිමිවනවා.”