පසුගිය වසර හතරේදි ඇෆ්ගන් හමුදා සහ පොලිස් නිලධාරින් හතලිස් පන් දහසක් මියගොස් ඇතැයි නවතම වාර්තාවකින් හෙළිව තිබෙනවා.
ඒ තලෙයිබාන් සටන්කාමින්ගේ ප්‍රහාර වලින්. තුවාල ලැබු සහ ආබාධිත තත්ත්වයට පත්වූ සංඛ්‍යාව ද වැඩි අගයක් ගන්නා බවයි ඔවුන් පෙන්වා දෙන්නෙ.
ඇෆ්ගන් ආරක්ෂක අංශ සම්බන්ධයෙන් මෙවැනි වාර්තාවක් එළිදැක්වු පළමු අවස්ථාව ද මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.