බ්‍රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විමේ තීරණය සම්බන්ධයෙන් තවත් ඡන්ද විමසිමක් පැවැත්වුණා.
බ්‍රිතාන්‍යය මාර්තු 29 වනදා යුරෝපා සංගමයෙන් ඉවත්විම සම්බන්ධයෙන් වන නීතිමය යාන්ත්‍රනය ලෙස සැලකෙන ආටිකල් පනහ ක්‍රියාත්මක විම කල්දැමිමටයි මෙම ඡන්ද විමසිම පැවැත්වුණේ. ඊට පක්ෂව ඡන්ද 413ක් හිමි වුණා. වැඩි ඡන්ද ප්‍රමාණයකින් ඒ සදහා අනුමැතිය හිමි වුනු බව එරට වාර්තා සදහන් කරනවා. ලබන සතියේ පැවැත්විමට නියමිත තවත් ඡන්ද විමසිමකින් එය මාස තුනකින් කල්දැමිමට අවශ්‍ය පියවර ගැනිමට නියමිතයි. කෙසේ වෙතත් ඒ සදහා යුරෝපා සංගමයේ තවත් සාමාජික රටවල් 27ක එකගත්වය ලැබිය යුතුයි.