රුපියල් මිලියන 2991 ක රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද විභාගයට ගැනුණා. ඒ කොළඹ මහාධිකරණයේදීයි.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සහනාධාර ලාභීන්ට සෙවිලි තහඩු ඇතුළු නිවාස උපකරණ බෙදාදීම වෙනුවෙන් එම දෙපාර්තමේන්තුවේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම විත්තිකරුවන්ට එරෙහි චෝදනාවයි. නඩුව මෙහෙයවන රජයේ නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙනත් නඩුවක පෙනී සිටින බැවින් මෙම නඩුව විභාග කිරීමට වෙනත් දිනයක් ඉල්ලා සිටියා. ඒ අනුව නඩුව ජුලි මස 18 වන දිනට කල් තැබීමටයි මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග කළේ.