fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක ප්‍රවිණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට පදක්කම් 48ක්

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 13:27

ලෝක ප්‍රවිණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට පදක්කම් 48ක්

විසිහතරවන වරටත් පැවති ලෝක ප්‍රවිණයන්ගේ මළල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් විසි හතරක් සමගින් පදක්කම් හතලිස් අටක් දිනා ගැනිමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.

තායිලන්තයේ නාකෝන් සවාන් ජාත්‍යන්තර ක්‍රිඩා පිටියේ පැවති තරගාවලියට රටවල් 17ක් නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවන් එක්ව සිටියා. ඒ වයස අවුරුදු 90න් පහළ වයස් කාන්ඩ කිහිපයක් යටතේයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට ක්‍රිඩක ක්‍රිඩිකාවන් 58 දෙනෙකු එක්ව සිටියා. ඔවුන් පදක්කම් 48ක් දිනා ගැනිමට සමත්වීම කැපිපෙනෙනවා. රන් පදක්කම් 24ක්, රිදි පදක්කම් 16ක් හා ලෝකඩ පදක්කම් 06ක් ඒ අතර වනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 13:27

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්