fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයිස් සහ කේරල ගංජා තොගයක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 11:52

අයිස් සහ කේරල ගංජා තොගයක් අත්අඩංගුවට

අයිස් සහ කේරල ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා. ඒ මිරිහාන ගංගොඩවිල මංසන්ධියේදී.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් කැබ් රථයක් නවතා පරීක්ෂා කිරිමට යාමේදී එය නොනවත්වා ධාවනය කර තිබෙනවා.

පසුව එහ ලුහුබැඳ ගොස් පරීක්ෂා කිරීමේ දී අයිස් ග‍්‍රෑම් තුනකට වැඩි ප‍්‍රමාණයක් සහ කේරල ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. 23 හැවිරිදි සැකකරු කොළඹ 5 ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 11:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්