fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංගලිදේශය නවසීලන්ත කි‍්‍රකට් තරග සංචාරය අවලංගු කරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 11:41

බංගලිදේශය නවසීලන්ත කි‍්‍රකට් තරග සංචාරය අවලංගු කරයි

නවසීලන්තයේ පැවැත්වෙන කි‍්‍රකට් තරග සංචාරය අත්හැර දැමු බව බංගලිදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය ප‍්‍රකාශ කළා. ඒ ක‍්‍රයිස් චර්ච් දේවස්තාන දෙකකට එල්ලවූ වෙඩි ප‍්‍රහාර හේතුවෙන්.

බංගලිදේශ කි‍්‍රකට් කන්ඩායම ද එම අවස්ථාවේදි දේවස්ථානයක රැඳී සිටිමින් දේව මෙහෙයක නිරතව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ. ඔවුන් මේ වන විට නිරුපදි‍්‍රතව හෝටල් කාමරවල රැඳී සිටිනවා.

නවසිලන්ත කි‍්‍රකට් පාලක මණ්ඩලය සහ බංගලිදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඉන් අනතුරුවයි තරග සංචාරය අවලංගු කිරිමට තීරණය කර තිබෙන්නෙ. කඩිනමින් ඔවුන් බංගලිදේශයට පිටත්ව හරින බවද නවසිලන්තය ප‍්‍රකාශ කරනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 11:41

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්