fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රිය අනතුරු කිහිපයකින් හත් දෙනෙකු මරුට

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 11:51

රිය අනතුරු කිහිපයකින් හත් දෙනෙකු මරුට

ඊයේ දිනයේ සිදුවූ රිය අනතුරු කිහිපයකින් හතර දෙනෙකු මිය ගියගොස් තිබෙනවා.සමන්තුරය, කිළිනොච්චිය, අතුරුගිරිය සහ මාවරල යන ප්‍රදේශවලදී සිදුවූ රිය අනතුරුවලින් හතර දෙනෙකු මිය ගියා. මුලටියන මාවරල මාර්ගයේ විසිහතර කණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මියගියේ දෙයියන්දර ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක්. වඩු කාර්මිකයෙකු වන මොහු ඊයේ රාත්‍රියේ සිය සේවය නිමවා නිවසට යාමට බස් රථයක් නොමැති වීම හේතුවෙන් තේ දළු පැටවූ ට්‍රැක්ටර් රථයක ගමන් කරමින් සිටියදී එම ට්‍රැක්ටරය පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. ට්‍රැක්ටර් රථයේ ටේලරය වෙන්වී මෙම අනතුර සිදුව තිබෙනවා. ඉන් තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ගලේවෙළ නගරයේදී කන්ටේනර් රථයක් පාලමක් අසළදී පෙරළීමෙන් පුද්ගලයන් තුන් දෙනෙකු බරපතල තුවාල ලැබුවා. ඉන්  වෙළෙදසැලකට  ද  හානි සිදුවුණා. තිරිගු ඇට පැටවූ කන්ටේනර් රථයකුයි මෙසේ අනතුරට ලක්වුණේ. රථයේ වේගය පාලනය කර ගැනීමට රියදුරුට නොහැකි වීම අනතුරට හේතුව බව හෙළිව තිබෙනවා. අද උදෑසන සිදුවූ මෙම අනතුරත් සමඟ ගලේවෙල නගරයේ දැඩි වාහන තදබදයක් ද පැවැතුණා.

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2019 11:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්